09

95 12 0
                                    

මස දෙකක විතර මහන්සියකින් පස්සෙ ඔන්න ස්පෝර්ට් මීට් දවස. Hera , Zeus , Hades , Persephone ග්‍රීක දෙවිවරුන් හතරදෙනාගෙ නම්වලින් තියන හවුස් හතර ග්‍රවුන්ඩ් එකේ තැන් හතරක. එකම වගේ හවුස් හතර ඒවට වෙන් වුන පාටවලින් හැඩවෙලා තිබ්බා. සත්රූ ස්කූල් යුනිෆෝම් එක උඩින් කලුපාට බ්ලේසර් එක දාලා එයාට තිබ්බ දම්වැල් දෙකක් තියන හෙඩ් බෝඩ් බැජ් එකයි අනිත් බැජ් ටිකයි බ්ලේසර් එකේ දකුණු පැත්තෙ ගහගන හිටියා. සිතුමුත් ස්කූල් යුනිෆෝම් එකට කලු බ්ලේසර් එක දාලා එක දම්වැලක් ඩිපියුටි හෙඩ් බෝයි බැජ් එකයි අනිත් බැජ් ටිකයි ගහගන හිටිය. ආයු යෙනුජ දෙන්නත් යුනිෆෝම් එකට කොල පාට බ්ලේසර් එක දාලා එයාලට අදාල බැජ් ගහගන් හිටියා.

ආයුනන් ග්‍රවුන්ඩ් එකට ආව ගමන්ම හෙව්වෙ වෙන කෙනෙක්ව. ඒ එයාගෙ තාත්තා. අවුරුදු ගානකට පස්සෙ ස්පෝර්ට් මීට් එකක් බලන්න එන්නෙ අද. ඒ වගේම ආයු අද ඉන්නෙ කලින් අවුරුදුවල හිටිය ඇදුමෙන් නෙමේ. එයාට ඕනෙ මේ යුනිෆෝම් එකෙන් ඉන්නවා තාත්තාට පෙන්නන්න. අම්මානන් ඕනතරන් ආයුව මේ යුනිෆෝම් එකෙන් දැකලා තියනවා. තාත්තා දැකලම නැති තරන්.

හැම පාරම වගේ මේ පාරත් Announcement වැඩ ටික කරන්න තිබ්බෙ හෙඩ් ප්‍රිෆෙක්ට. ඉතින් මේ සැරේ සත්රූ තමයි මේන් Announcer. ලැජ්ජාව කියන එක තිබ්බත් මොනා කරන්නද මේක තමා ඉස්කෝලෙ හෙඩ් බෝයිගෙ වගකීම. නෑ නෑ බය වෙන්න දෙයක් නෑ තෝල්කයා ඉන්නවනෙ. සත්රූ යන යන හැම තැනකම සිතුම් යන හින්දා බය වෙන්න දෙයක් නෑ. ඉස්කෝලෙ ඇතුලෙයි , ගෙදරයි කොච්චර කට තිබ්බත් ලොකු සෙනගක් ඉස්සරහ announce කරන එක ඒකත් තාත්තා එහාපැත්තෙ තියාගන. සෙනගනන් ඕන එකක් ඒත් තාත්තා. ඇමති තාත්තා බලන් ඉන්නෙ සත්රූව කොහොමහරි විහිලුවට ගන්න. පොඩ්ඩක්හරි වැරදුනොත් ඒක සතියක් විතර සත්රූව විහිලුවට ගන්න පුළුවන් හින්ද වැරදෙයි කියන බය තිබ්බෙ නෑ කීවොත් බොරු. රටේ ඇමති කෙනෙක් වුනත් එයා සත්රූගෙ තාත්තානෙ. රස්සාවත් එක්ක පවුල පටලගන්න පුරුද්දක් එයාගෙ තාත්තට තිබ්බෙ නෑ.

ස්පෝර්ට් මීට් එකේ අන්තිම මොහොත. ඔක්කොම ලමයි ග්‍රවුන්ඩ් එකට ඇවිත් තමන්ගෙ හවුසස් පිටිපස්සෙන් පෝලිමට බිම තණකොළ වල වාඩිවෙලා ඉද්දි හවුස් කැප්ටන්ලායි , ප්‍රිෆෙක්ලයි , ගේම්ස් කැප්ටන්ලයි , ස්පෝර්ට් ක්ලබ්වල ප්‍රසිඩන්ට්ලයි හිටගෙන හිටියා. ප්‍රින්සිපල්ගෙ පැය භාගෙක විතර කතාවෙන් පස්සෙ තියෙන්නෙ හැමෝම බලන් හිටිය අවස්ථාව සත්රූ හොද හුස්මක් අරන් කියන්න ගියේ හැමෝම බලාගන ඉන්න ඒ රිසාල්ට් එක.

ආයු ( Non fiction )Where stories live. Discover now