" ඔ...ඔයා "
පහුවදා උදේ පාන්දරම ආයු ගේට් එක අරිනකොට හිටියෙ වෙන කවුරුත් නෙමේ. යක්සාවේස වෙලා හිටිය ඉවේන්.
" ඔව් මම තමා. හැබැයි තනියම නෙමේ ආයු "
ඉවේන් එහෙම කියනවත් එක්කම කාර් එක ඇතුලෙ හිටියෙ තව තුන්දෙනෙක් එලියට ආව. වෙන කවුරුත් නෙමේ යෙහාන් , යොවිදු , රක්ෂිත තුන්දෙනා. මූනු ටිකනන් බලන්න ලස්සනයි. ආයු තාමත් හිටිය තැනම ගල් වෙලා.
" ඇතුලට එන්න එපාද ආයු "
" ආ. එ.. එන්න අයියෙ "
" ම්ම් "
" කෝ අනිත් අය "
" තාම නිදි "
" අහ් නිදිද " ඉවේන් එයා එක්ක ආව අනිත් තුන්දෙනාට කීවේ යන්න කියලා. යෙහාන්නන් කමන්නෑ ඇවිල්ලා තියනවනෙ ඒත් අනිත් දෙන්නා. යකෝ ගෙදරට ඇවිල්ලා පුරුදුකාරයො වගේ කෙලින්ම ගියේ අනිත් අය නිදාගන හිටිය කාමරවලට. ' අදනන් බඩු බනිස් වගේ ' ආයුට හිතුනෙ එහෙම
" පොඩි මහත්තයා මෙතන ඉදගන්නකො මට දෙයක් අහන්න ඕනෙ "
" අයියෙ මම කිය... "
" ඉදගන ඉන්නවා එකම දේ දෙපාරක් කියන්න තියන්න එපා ආයු "
" ම්ම් "
" දැන් ඊයෙ තමුන් මොකටද ක්ලබ් ගියේ. "
" අයියෙ "
" මම කීවා නිදහසට කරුණු හොයාගන ඉන්න කියලා "
" අයියෙ ඊයෙ තාත්තා කෝල් කරා "
" කොයි වෙලාවෙද "
" මම ඉස්කෝලෙ යන්න කලින් "
" ම්ම්. ඉතින් ඒකද ඊයෙ දවසම මූඩ් ගහල හිටියෙ"
" ම්ම්"
" මොනවද කීවෙ " එතනින් එහාට ඊයෙ වුන හැමදේම අකුරක් නෑරම ආයුට කීවා
" ඉතින් බූරු පැටියො තාත්තා කෝල් කරලා කීව ඒව මට කියන්න ඔය හූණු බෙට්ටක් වගේ තියන මොලේට තේරුන්නැද්ද "
" අනේ ඉතින් "
" මේ ඔය බූරු පැටියට දෙන අන්තිම චාන්ස් එක. ඒක ඔය මොල ගෙඩියට දාගන්නවා "
ඒක කීවා විතරයි අර වයින් කෙරුව බෝනික්කෙක් වගේ ඔලුව වනන්න පටන් ගත්තා. ආයුට පුදුම හැකියාවක් තියෙන්නෙ අහින්සක මූණ පෙන්නලා ඉවේන්ගෙ හිත වෙනස් කරන්න. එතන ඒ විදිහට සාමකාමී වෙනක්ට සත්රූගෙ රූම් එකේ තිබ්බෙනන් වෙනම යුද්දයක්
YOU ARE READING
ආයු ( Non fiction )
Non-Fiction" ඔයාට ආදරේ කියන්නෙ අකුරු හතරක් වුනාට.... මට ඒක අකුරු කරගන්න්න බැරි හැගීමක්. මම ආදරේට හරි ලෝබයි අයියෙ " - ජානුල් ඒනාශ් ( ආයු ) " රසකරලා කියන්න අනිත් අයට වගේ ලස්සන ස්ටෝරියක්නන් මට නෑ මල්ලි ඒත් උඹ දකිනකොට මගෙ හිතට එන හැගීම අවංකයි " - එනුක ඉවේන්